ඔරලෝසුවේ කටු දෙක අතර කෝණය සෙවීම


මෙවැනි ගැටළු වලදී ඔරලෝසුව ඇද වෙලාව සලකුණු කර ගැටලුව විසදීම වඩා පහසු වේ
ඔරලෝසු මුහුණතේ සම්පුර්ණ කෝණය 3600 ක් වන බව අප දනිමු
ඔරලෝසු මුහුනත පැය 12 කට බෙදා ඇති නිසා ඔරලෝසු මුහුණතක ඕනෑම  එක ළඟ පැය 2 ක් අතර කෝණය ක් අතර කෝණය 3600/12=300 ක් වේ.

01) වෙලාව 1.00 නම් කටු දෙක අතර කෝණය =300 *1=300

02) වෙලාව වෙලාව 3.30 නම් කටු දෙක අතර කෝණය සොයන්න









මෙය පහත ලෙස දෙකට වෙන්කර කෝණය සෙවීම කල හැක

 







මෙය x කෝණයෙන් හා තවත් කුඩා කෝණයකින් සමන්විත වන බව ඔබට දැකගත හැකිය.අපට x කෝණය 300*2=600 ලෙස පහසුවෙන් සොයාගත හැකිය .නමුත් තවත් කුඩා කෝණයක් එයට එකතු විය යුතු බව ඔබට රූප සටහන අනුව පැහැදිලි වනු ඇත .එය සොයා ගැනීමට පහත ලෙස කල්පනා කරන්න .
ඔරලෝසුවේ පැයක් ගතවීමට විනාඩි කටුව විනාඩි 60 ක් ගමන් කල යුතුය .එනම් විනාඩි කටුව විනාඩි 60 ක් ගමන් කිරීමේදී පැය කටුව 300 ක කෝණයක් ගමන් කරයි (මක් නිසාද ඔරලෝසු මුහුණතේ 3-4 ,4-5,6-7,7-8 ආදී අතර කෝණය 300 ක් වන නිසා )එම නිසා විනාඩි කටුව 1 ක විනාඩියක් ගමන් කිරීමේදී පැය කටුව 300 /60 ක් එනම් ½ 0 ක් ගමන් කරයි
එම නිසා මෙහිදී කුඩා කෝණය යනු විනාඩි කටුව තවත් මිනිත්තු 30 ක් ගමන් කිරීමේදී පැය කටුව ගමන් කරන කෝණයට සමාන වේ.
කුඩා  කෝණය =30* ½ 0  =150 වේ .
එම නිසා සම්පුර්ණ කෝණය =x කෝණය + කුඩා කෝණය
                                      =600 +150
                                                =750
03)  වෙලාව වෙලාව 3.35 නම් කටු දෙක අතර කෝණය සොයන්න

            උත්තරය =300 * 3 + 25 * ½ 0  =102.50

වැරදි වෙලාවක් පෙන්නුම් කරන ඔරලෝසු ආශ්‍රිත ගැටළු













අද අපි තුන් වෙනි පාඩම ලෙස කතා කරන්නේ තවත් ඔරලෝසු ආශ්‍රිත ගැටළු ආකාරයක් පිලිබඳවයි.මේ ආකාරයට අලුත් IQ methods දැනගන්න අපගේ facebook page එකට like එකක් දමා තබන්න

01) දිනකට විනාඩි 12ක් වැඩිපුර ගමන් කරන මගේ ඔරලෝසුවේ නිවරදි වෙලාව 2017.01.29  පෙ.ව. 6.00 ට දැක්වුයේ නම් නැවත නිවැරිදි වෙලාව දක්වන්නේ කවදාද?

ඔරලෝසු මුහුණතක ඇති විනාඩි වටිනාකම =12*60 ක් වේ(ඔරලෝසුවක පැය 12ක් දක්වන නිසා හා පැයකට විනාඩි 60 ක් ඇති නිසා )
දවසට වෙනස්වන විනාඩි වටිනාකම විනාඩි 12 කි.(අඩුවෙන් හෝ වැඩියෙන් ගමන් කිරීම ගැටළුවක් නොවේ)
එම නිසා නැවත නිවැරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
                   =(12*60)විනාඩි /12 දවසකට විනාඩි
                   =දවස් 60ක්
නැවත නිවරදි වෙලාව පෙන්නන්නේ තව දවස් 60 කිනි.

02) පැයකට විනාඩි 12ක් වැඩිපුර ගමන් කරන මගේ ඔරලෝසුවේ නිවරදි වෙලාව 2017.01.29  පෙ.ව. 6.00 ට දැක්වුයේ නම් නැවත නිවැරිදි වෙලාව දක්වන්නේ කවදාද?

මේ ආකාරයේ ගැටළු වලදී ලවය වෙනස් නොවන බව මතක තබාගන්න එනම් 12*60 වෙනස් නොවේ.
පැයකට වෙනස් වන විනාඩි ගණන 12 ක් නිසා දවසට වෙනස වන විනාඩි ප්‍රමාණය=12*24
එම නිසා නැවත නිවැරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
                   =(12*60)විනාඩි /12*24 දවසකට විනාඩි
                   =දවස් 2.5ක්  එනම් පැය 60 කින් නිවරදි වෙලාව දක්වයි

03) මගේ ඔරලෝසුවේ පැයකට විනාඩි 10 ක් වැඩියෙන්ද මගේ මිතුරාගේ ඔරලෝසුවේ පැයකට විනාඩි 15 ක් අඩුවෙන්ද ගමන් කරයි අද දින උදේ 6.00 ට අප දෙදෙනාගේම ඔරලෝසු නිවරදි වෙලාව දැක්වුයේ නම් නැවත නිවරදි වෙලාව පෙන්වන්නේ කවදද?
මගේ ඔරලෝසුවේ නැවත නිවැරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
                   =(12*60)විනාඩි /10*24 දවසකට විනාඩි
                   =දවස් 3
මිතුරාගේ ඔරලෝසුවේ නැවත නිවැරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
                   =(12*60)විනාඩි /15*24 දවසකට විනාඩි
                   =දවස් 2
අප දෙදෙනාගේම නිවරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන සෙවීමට 3 හි හා 2 හි කුඩා පොදු ගනකරය සෙවිය යුතුය.

එනම් තවත් දින 6 කින් අප දෙදෙනාගේම ඔරලෝසු වල නිවැරදි වෙලාව පෙන්නුම් කරයි.

(share කරලා දැනුම බෙදාගන්න.කාලය වැයකරලා මේවා දාන්නේ class නොයන පිරිසට උපකාරයක් විදියට )post එකේ පහලම fb share button එකක් ඇති 

වේගය හා සම්බන්ද දුම්රිය ගැටළු

ඔබගේ තරග විභාග වලදී සුලබව දැකිය හැකි ගැටළු විශේෂයක් වේ.
*දුම්රියක් කණුවක් පසුකරයාමට ගතවන කාලය
*පාලමක් පසුකර යාමට ගතවන කාලය
*දුම්රිය දෙකක් පසුකිරීමට ගතවන කාල ආශ්‍රයෙන් ප්‍රශ්න නිර්මාණය වේ.මේ එක් එක සිදුවීම් යටතේ ගැටළු විසදන ආකාරය සලකා
බලමු.


*දුම්රියක වේගය 18kmph-1  ලෙස හැදින්වෙන්නේ කුමක්ද?
දුම්රිය පැයකදී ගමන් කරන දුර 18km(කිලෝමීටර 18ක් ) බවයි

*දුම්රියක වේගය 9ms -1  ලෙස හැදින්වෙන්නේ කුමක්ද?
දුම්රිය තත්පරයකදී  ගමන් කරන දුර  9m (මීටර 9ක් )බවයි
වැදගත්
දුම්රියක වේගය තත්පරයට මීටර(ms-1) වලින් දී ඇති විට පැයට කිලෝමීටර(kmph-1  ) වලට හැරවීම

මේ සදහා 3600/1000 ගුණ කරන්න
උදාහරණ
    20ms-1 *3600/1000 =72kmh-1

දුම්රියක වේගය පැයට කිලෝමීටර(kmph-1 ) වලින් දී ඇති විට විට තත්පරයට මීටර(ms-1)  වලට හැරවීම

මේ සදහා 1000/3600 ගුණ කරන්න
උදාහරණ
    72kmh-1 * 1000/3600 = 20ms-1

1)20ms-1 ක වේගයෙන් ගමන් කරන දුම්රියක් කණුවක් පසුකර යාමට තත්පර   9 ක් ගතවිය.දුම්රියේ දිග කොපමණද?

දුම්රිය තත්පරයකදී ඉදිරියට ගමන් කරන දුර 20m වේ.එම නිසා තත්පර 9 ක දී කනුව පසු කරමින් ඉදිරයට ගමන් කරන දුර 20m*9=180m වේ.එනම් දුම්රියේ දිග මීටර 180 කි.

2)90kmph-1 ක වේගයෙන් ගමන් කරන දුම්රියක් කණුවක් පසුකර යාමට තත්පර   10 ක් ගතවිය.දුම්රියේ දිග කොපමණද?

වේගය පැයට කිලෝමිට වලිනුත් කාලය තත්පර මගිනුත් දී ඇති නිසා පළමුව එකම ඒකකයක් බවට පරිවර්තනය කල යුතුය
90kmph-1*1000/3600=25ms-1
දුම්රිය තත්පරයකදී ඉදිරියට ගමන් කරන දුර 25m වේ.එම නිසා තත්පර 10 ක දී කනුව පසු කරමින් ඉදිරයට ගමන් කරන දුර 25m*10=250m වේ.එනම් දුම්රියේ දිග මීටර 250 කි.


දුම්රිය පාලම් සම්බන්ද ගැටළු දුම්රිය දෙකක් සම්බන්ද ගැටළු ඔබගේ යෝජනා මත ඉදිරියේදී ඇතුලත් කරනු ලැබේ