ඔරලෝසුවේ කටු දෙක අතර කෝණය සෙවීම


මෙවැනි ගැටළු වලදී ඔරලෝසුව ඇද වෙලාව සලකුණු කර ගැටලුව විසදීම වඩා පහසු වේ
ඔරලෝසු මුහුණතේ සම්පුර්ණ කෝණය 3600 ක් වන බව අප දනිමු
ඔරලෝසු මුහුනත පැය 12 කට බෙදා ඇති නිසා ඔරලෝසු මුහුණතක ඕනෑම  එක ළඟ පැය 2 ක් අතර කෝණය ක් අතර කෝණය 3600/12=300 ක් වේ.

01) වෙලාව 1.00 නම් කටු දෙක අතර කෝණය =300 *1=300

02) වෙලාව වෙලාව 3.30 නම් කටු දෙක අතර කෝණය සොයන්න









මෙය පහත ලෙස දෙකට වෙන්කර කෝණය සෙවීම කල හැක

 







මෙය x කෝණයෙන් හා තවත් කුඩා කෝණයකින් සමන්විත වන බව ඔබට දැකගත හැකිය.අපට x කෝණය 300*2=600 ලෙස පහසුවෙන් සොයාගත හැකිය .නමුත් තවත් කුඩා කෝණයක් එයට එකතු විය යුතු බව ඔබට රූප සටහන අනුව පැහැදිලි වනු ඇත .එය සොයා ගැනීමට පහත ලෙස කල්පනා කරන්න .
ඔරලෝසුවේ පැයක් ගතවීමට විනාඩි කටුව විනාඩි 60 ක් ගමන් කල යුතුය .එනම් විනාඩි කටුව විනාඩි 60 ක් ගමන් කිරීමේදී පැය කටුව 300 ක කෝණයක් ගමන් කරයි (මක් නිසාද ඔරලෝසු මුහුණතේ 3-4 ,4-5,6-7,7-8 ආදී අතර කෝණය 300 ක් වන නිසා )එම නිසා විනාඩි කටුව 1 ක විනාඩියක් ගමන් කිරීමේදී පැය කටුව 300 /60 ක් එනම් ½ 0 ක් ගමන් කරයි
එම නිසා මෙහිදී කුඩා කෝණය යනු විනාඩි කටුව තවත් මිනිත්තු 30 ක් ගමන් කිරීමේදී පැය කටුව ගමන් කරන කෝණයට සමාන වේ.
කුඩා  කෝණය =30* ½ 0  =150 වේ .
එම නිසා සම්පුර්ණ කෝණය =x කෝණය + කුඩා කෝණය
                                      =600 +150
                                                =750
03)  වෙලාව වෙලාව 3.35 නම් කටු දෙක අතර කෝණය සොයන්න

            උත්තරය =300 * 3 + 25 * ½ 0  =102.50

Share this

Related Posts

Previous
Next Post »