අද අපි තුන් වෙනි පාඩම ලෙස කතා කරන්නේ තවත් ඔරලෝසු ආශ්රිත ගැටළු ආකාරයක් පිලිබඳවයි.මේ ආකාරයට අලුත් IQ methods දැනගන්න අපගේ facebook page එකට like එකක් දමා තබන්න
01) දිනකට විනාඩි
12ක් වැඩිපුර ගමන් කරන මගේ ඔරලෝසුවේ නිවරදි වෙලාව 2017.01.29 පෙ.ව. 6.00 ට දැක්වුයේ නම් නැවත නිවැරිදි වෙලාව
දක්වන්නේ කවදාද?
ඔරලෝසු මුහුණතක ඇති
විනාඩි වටිනාකම =12*60 ක් වේ(ඔරලෝසුවක පැය 12ක් දක්වන නිසා හා පැයකට විනාඩි 60 ක්
ඇති නිසා )
දවසට වෙනස්වන විනාඩි
වටිනාකම විනාඩි 12 කි.(අඩුවෙන් හෝ වැඩියෙන් ගමන් කිරීම ගැටළුවක් නොවේ)
එම නිසා නැවත නිවැරදි
වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
=(12*60)විනාඩි /12 දවසකට විනාඩි
=දවස් 60ක්
නැවත නිවරදි වෙලාව
පෙන්නන්නේ තව දවස් 60 කිනි.
02) පැයකට විනාඩි
12ක් වැඩිපුර ගමන් කරන මගේ ඔරලෝසුවේ නිවරදි වෙලාව 2017.01.29 පෙ.ව. 6.00 ට දැක්වුයේ නම් නැවත නිවැරිදි වෙලාව
දක්වන්නේ කවදාද?
මේ ආකාරයේ ගැටළු වලදී ලවය
වෙනස් නොවන බව මතක තබාගන්න එනම් 12*60 වෙනස් නොවේ.
පැයකට වෙනස් වන විනාඩි
ගණන 12 ක් නිසා දවසට වෙනස වන විනාඩි ප්රමාණය=12*24
එම නිසා නැවත නිවැරදි
වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
=(12*60)විනාඩි /12*24 දවසකට විනාඩි
=දවස් 2.5ක්
එනම් පැය 60 කින් නිවරදි වෙලාව දක්වයි
03) මගේ ඔරලෝසුවේ පැයකට විනාඩි 10 ක් වැඩියෙන්ද මගේ මිතුරාගේ ඔරලෝසුවේ පැයකට විනාඩි 15 ක් අඩුවෙන්ද ගමන් කරයි අද දින උදේ 6.00 ට අප දෙදෙනාගේම ඔරලෝසු නිවරදි
වෙලාව දැක්වුයේ නම් නැවත නිවරදි වෙලාව පෙන්වන්නේ කවදද?
මගේ ඔරලෝසුවේ නැවත
නිවැරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
=(12*60)විනාඩි /10*24 දවසකට විනාඩි
=දවස් 3
මිතුරාගේ ඔරලෝසුවේ නැවත
නිවැරදි වෙලාව පෙන්නුම් කිරීමට ගතවන දින ගණන
=(12*60)විනාඩි /15*24 දවසකට විනාඩි
=දවස් 2
අප දෙදෙනාගේම නිවරදි වෙලාව
පෙන්නුම් කිරීමට ගතවන දින ගණන සෙවීමට 3 හි හා 2 හි කුඩා පොදු ගනකරය සෙවිය යුතුය.
එනම් තවත් දින 6 කින් අප
දෙදෙනාගේම ඔරලෝසු වල නිවැරදි වෙලාව පෙන්නුම් කරයි.
(share කරලා දැනුම බෙදාගන්න.කාලය වැයකරලා මේවා දාන්නේ class නොයන පිරිසට උපකාරයක් විදියට )post එකේ පහලම fb share button එකක් ඇති
(share කරලා දැනුම බෙදාගන්න.කාලය වැයකරලා මේවා දාන්නේ class නොයන පිරිසට උපකාරයක් විදියට )post එකේ පහලම fb share button එකක් ඇති