වේගය හා සම්බන්ද දුම්රිය ගැටළු

ඔබගේ තරග විභාග වලදී සුලබව දැකිය හැකි ගැටළු විශේෂයක් වේ.
*දුම්රියක් කණුවක් පසුකරයාමට ගතවන කාලය
*පාලමක් පසුකර යාමට ගතවන කාලය
*දුම්රිය දෙකක් පසුකිරීමට ගතවන කාල ආශ්‍රයෙන් ප්‍රශ්න නිර්මාණය වේ.මේ එක් එක සිදුවීම් යටතේ ගැටළු විසදන ආකාරය සලකා
බලමු.


*දුම්රියක වේගය 18kmph-1  ලෙස හැදින්වෙන්නේ කුමක්ද?
දුම්රිය පැයකදී ගමන් කරන දුර 18km(කිලෝමීටර 18ක් ) බවයි

*දුම්රියක වේගය 9ms -1  ලෙස හැදින්වෙන්නේ කුමක්ද?
දුම්රිය තත්පරයකදී  ගමන් කරන දුර  9m (මීටර 9ක් )බවයි
වැදගත්
දුම්රියක වේගය තත්පරයට මීටර(ms-1) වලින් දී ඇති විට පැයට කිලෝමීටර(kmph-1  ) වලට හැරවීම

මේ සදහා 3600/1000 ගුණ කරන්න
උදාහරණ
    20ms-1 *3600/1000 =72kmh-1

දුම්රියක වේගය පැයට කිලෝමීටර(kmph-1 ) වලින් දී ඇති විට විට තත්පරයට මීටර(ms-1)  වලට හැරවීම

මේ සදහා 1000/3600 ගුණ කරන්න
උදාහරණ
    72kmh-1 * 1000/3600 = 20ms-1

1)20ms-1 ක වේගයෙන් ගමන් කරන දුම්රියක් කණුවක් පසුකර යාමට තත්පර   9 ක් ගතවිය.දුම්රියේ දිග කොපමණද?

දුම්රිය තත්පරයකදී ඉදිරියට ගමන් කරන දුර 20m වේ.එම නිසා තත්පර 9 ක දී කනුව පසු කරමින් ඉදිරයට ගමන් කරන දුර 20m*9=180m වේ.එනම් දුම්රියේ දිග මීටර 180 කි.

2)90kmph-1 ක වේගයෙන් ගමන් කරන දුම්රියක් කණුවක් පසුකර යාමට තත්පර   10 ක් ගතවිය.දුම්රියේ දිග කොපමණද?

වේගය පැයට කිලෝමිට වලිනුත් කාලය තත්පර මගිනුත් දී ඇති නිසා පළමුව එකම ඒකකයක් බවට පරිවර්තනය කල යුතුය
90kmph-1*1000/3600=25ms-1
දුම්රිය තත්පරයකදී ඉදිරියට ගමන් කරන දුර 25m වේ.එම නිසා තත්පර 10 ක දී කනුව පසු කරමින් ඉදිරයට ගමන් කරන දුර 25m*10=250m වේ.එනම් දුම්රියේ දිග මීටර 250 කි.


දුම්රිය පාලම් සම්බන්ද ගැටළු දුම්රිය දෙකක් සම්බන්ද ගැටළු ඔබගේ යෝජනා මත ඉදිරියේදී ඇතුලත් කරනු ලැබේ 

Share this

Related Posts

First

7 comments

comments